විශේෂාංග

ඔහු ජය ගනී නම් අපත් ඔහුට.

මැතිවරණයක් යනු ආශ්වාදජනක අවස්ථාවකි. එය ජනාධිපතිවරණයක් නොව සමූපකාරයක කාරක සභා ඡන්ද විමසිමක් වුව ද අසත්‍ය නොවේ. මගේ කුඩා කාලයේ පටන් අත්දැකීම වන්නේ මැතිවරණය ඇත්තටම පැවත්වෙන්නේ පාවෙන ඡන්ද (floating votes) සදහා බවය. ඕනෑම පක්ෂයක හාඩ්කෝවරුන් තීරණාත්මක නොවේ. තීරණාත්මක වන්නේ පාවෙන ඡන්ද වේ.

මැතිවරණයක දී ඡන්දය පාවිච්චි කිරීම සංස්කෘතික ක්‍රියාවකි. පරම්පරාවෙන්, ප්‍රදේශයෙන්, ගම් මට්ටමෙන් යම් පක්ෂයකට ඡන්දය දීම නිසා ඡන්දදායකයෝ ජීවිත කාලය පුරා ඒ ඒ පක්ෂයට හෝ ඒ ඒ දේශපාල්කයන්ට හෝ බැඳී සිටිති.

සම්ප්‍රදායික අන්දමෙන් මැතිවරණයක දී පාවෙන ඡන්ද ආකර්ශනය කර ගැනීමට කරන බොහෝ ක්‍රියාවන් දැන් කල් ඉකුත්වී තිබේ. චන්දදායකයන් දැනුවත් කිරීම සදහා කරන සියළුම ක්‍රියා අසමත් ක්‍රියාවන් වේ. අල්ලස්දීම වැනි ක්‍රියා හැරුණ විට බොහෝ ප්‍රචාරක ව්‍යාපාර පක්ෂ විසින් කරන්නේ නොකර ඉන්නට බැරි නිසා ය.

මැතිවරණයක දී ජයග්‍රහණය කිරීමට නම් ජයග්‍රහණය කිරීමේ අදහස ජන මනස තුළ පැළ කළ යුතුය. ජයග්‍රහණය කිරීමේ අදහස ජන මනස තුළ ආධිපත්‍යවාදී ස්ථාවර අදහසක් වූ පසුව රැල්ල ඇතිවන්නේ ජයග්‍රහණයට ය.

ජාතික ජන බලවේගය මෙවර ජනාධිපතිවරණයෙන් ජය ගන්නා බවට ජන මනස තුළ අධිපති ලෙස ස්ථාවර වී ඇත. දැන් සියළු බලවේග එක් රොක් වෙන්නේ ජයග්‍රාහකයා දෙසට ය. ඒ නිසා 88/89 කරපුවා අදාළ නොවේ. රටේ අර්බූදය තේරුම් ගන්නා අන්දම අදාළ නොවේ. රටේ ප්‍රශ්න වලට ඉදිරිපත් කරන විසදුම අදාළ නොවේ. අදාළවන එකම දේ “ඔහු ජය ගනී නම් අපත් ඔහුට” යන මතය පමණි.

සටහන –
පිලිප් ශාන්ත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *