එස්.ටී.එෆ්. හඳුන්ගෙන් බිහිවුණ ගෝලයකු වන කොස්ගොඩ සුජී පාතාල මර්දනයට බියෙන් ටික කලකට පෙර ඩුබායිවලට පැනගොස් එහි සිට අපරාධ මෙහෙයවන්නකු වෙයි. දකුණේ අපරාධ රැල්ල පසුපස සිටින පාතාලයේ ප්‍රබලයන් දෙදෙනාගෙන් අයෙකු වන්නේ ද කොස්ගොඩ සුජී ය. අන්තර්ජාතික පොලීසිය මඟින් රතු නිවේදන නිකුත්කර ඩුබායි රාජ්‍යයේ සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි නිසා පාතාල වැඩකරුවන් ආරක්ෂිතව රැඳී සිටිය හැකි රටක් ලෙස ඩුබායි තෝරාගෙන ඇත. මිනීමැරුම් හා කප්පම් ගැනීම්වලට සම්බන්ධ ප්‍රභල පාතාල නායකයකු වන මෙම කොස්ගොඩ සුජීද මේ වනතුරු එහි රැඳි සිටිමින් සිය ගෝලබාලයන් ලවා සුපුරුදු කාර්යන්හි නිරත වෙයි.
දකුණේ පාතාලයේ බලයෙන් ප්‍රියන්ත අවසන් ගමන් යවා කරන්දෙණිය සුද්දා මේ වනවිට අවි ආයුධ දහයක්, පහළොවක් පාවිච්චි කරමින් සිදු කළ ඝාතන රැල්ලත් සමඟ කොස්ගොඩ සුජීටත් පාලනය නොවන තත්ත්වයකට පැමිණ ඇති වග අනාවරණය වන්නේ ය. සුද්දාගේ හිස එසවීම කොස්ගොඩ සුජීට දරාගත නොහැකිව ඇත. සුජී ඩුබායි සිට පාතාලයට නායකත්වය දෙද්දී සුද්දා ඍජුවම එම පාතාල කණ්ඩායම් මෙහෙයවමින් කරළියට පැමිණිම මීට හේතුව ය. සුද්දා විසින් ප්‍රියන්තගේ ඉලක්කයක් ගෙන දකුණේ පාතාලය අතර කතාබහට ලක් වෙද්දී කොස්ගොඩ සුජී තම හැකියාව පෙන්වන්නට තවත් ඉලක්කය සපුරන්නේ ය.
සුජීගේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමක් වූ කොස්ගොඩ තාරකගේ කල්ලියේ වැඩකරුවකු වූ කොස්ගොඩ ලොකු එම ඉලක්කය ය. මෙම ඉලක්කය සඳහා කොස්ගොඩ සුජී යොදවන්නේ වැලිපැන්න පොලිස් වසමේ බොන්දුපිටියේ සිටින සුජීගේ කණ්ඩායමකි. කරන්දෙණියේ සුද්දාගේ කල්ලිය අතහැර වෙනත් ප්‍රදේශයකින් කණ්ඩායමක් ගෙන්වා ටී. 56 අවි තුනක් යොදා ඉලක්කය සපුරා ගන්නේ ද මේ අනුව ය. කොස්ගොඩ සුජී බලය පෙන්වන්නට වලිකෑව ද දැනටමත් කවදාහරි දකුණේ පාතාලයේ ලොක්කා වන්නේ සුජී නොව තමා බව සුද්දා එළිපිට කියා ඇත්තේ ය. එකම ගමේ එකට පාතාල වැඩකළ ඔවුහු දැන් විරසක පරම හතුරෝ වෙති. එදා මෙන්ම අදත් ඒ පාතාලයේ හැටිය අනෙකා පරයා නැගී සිටීම ලාංක්කීය සමාජයේම දැකිය හැකි ලක්ෂනයක් වන අතර පාතාලයේ එය මහ ඉහලින් සිදුවේ.
මේ අතර කොස්ගොඩ පොලිස් වසමේ ස්ථාන තුනකදී 2017.10.29 දා අලුයම සිදුකළ වෙඩිතැබීම් හේතුවෙන් දහතුන් හැවිරිදි දරුවකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනකු මරාදමා තවත් පහළොස් හැවිරිදි දරුවකු තුවාල ලබා බළපිටිය රෝහලට ඇතුළත් කර ඇති පුවතක් වාර්තාවිය.
මෙහිදී මරාදමා ඇත්තේ ඌරගස්මන්හන්දිය යුද පිටිය ප්‍රදේශයේ පදිංචි ජගමුනි මහින්දරාජා සොයිසා (50) ඔහුගේ වැඩිමහල් පුතාවන ජගමුනි අයේෂ් (21) සහ බාල පුතාවන ජගමුනි දුමිදු විශ්මික (13) නමැති තිදෙනා සමග කොස්ගොඩ මැණික් ගම්මානයේ පදිංචි කපිලරත්න නමැති 38 හැවිරිදි අයෙකි. තුවාල ලබා ඇත්තේ කොස්ගොඩ කුරුඳුගම්පියස නානතොට ප්‍රදේශයේ පදිංචි චදිල සුරංජිත් නැමැති පහළොස් හැවිරිදි දරුවෙකි. මියගිය මහින්දරාජා මහතා බළපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකුද වේ.
මෙම වෙඩි තැබීම සඳහා “කොස්ගොඩ ලොක්කා” නමැති මියගිය පාතාල සාමාජිකයාගේ සහෝදරයකු සම්බන්ධ වී ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇතැයි එම නිලධාරියා කීය.
කොස්ගොඩ ලොක්කා” නමැති මියගිය පාතාල නායකයා සහ යුදපිටිය ප්‍රදේශයේ පදිංචි මහින්ද රාජා (2017.10.29 මෙම වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා) අතර කාලයක සිට අමනාපකමක් තිබී ඇති බවත් මහින්ද රාජා ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත කොස්ගොඩ ලොක්කාගේ ඝාතනය සිදුකරන්නට ඇතැයි කොස්ගොඩ ලොක්කාගේ පාර්ශ්වය තුළ සැකයක් මතුව තිබී ඇති බවත් මූලික විමර්ශනවලදී හෙළිවී ඇත.
නමුත් කොස්ගොඩ ලොක්කා නමැති පාතාල සාමාජිකයා බන්ධනාගාර ගතව සිටියදී කොස්ගොඩ සුජී නමැති පාතාල සාමාජිකයා සමඟ ඇතිකරගත් ගැටුමකින් පසු කොස්ගොඩ සුජීගේ කල්ලිය විසින් වැලිපැන්න ප්‍රදේශයේදී කොස්ගොඩ ලොක්කා ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය සැකකර තිබුණි.
එහෙත් කොස්ගොඩ ලොක්කාගේ ඝාතනය මහින්ද රාජා විසින් සිදුකරන්නට ඇතැයි සැකකාර ලොක්කාගේ කල්ලිය විසින් මෙම වෙඩි තැබීම් සිදුකරන්නට ඇතැයි පොලිසිය සැක කරයි. මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් තවමත් කිසිවකු අත්අඩංගුවට ගෙන නොතිබු අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 08 ක් යොදවා තිබුණි.
යතුරුපැදි දෙකකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් සිව්දෙනෙකු එම වෙඩි තැබීම සිදුකර ඇති බව අනාවරණය වී තිබේ. ඒ සඳහා ටී. 56 ගිනි අවි සහ පිස්තෝල යොදාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මෙය කොස්ගොඩ ප්‍ර දේශයේ කලක මිට පවතින පාතාල දෙකක් අතර ගැටුමක් දැයි පොලිස් පරික්ෂණ සිදුකරන බව පොලිසි පවසයි. එක් පතාල කල්ලියක්ව තිබු පාතාල කල්ලියක සමාජිකයන් වෙන් වෙන්ව පාතල ක්‍රියාකාරි කටයුතු සිදුකිරිම නිසා මේවන විට පාතාල සමුහයක් බවට කොස්ගොඩ ප්‍රදේශය හා අවට ප්‍රදේශය පත්ව ඇත.
සටහන: වසන්ත බංඩාර