ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනේ හිතෛෂී ගෝලයකු වූ ගෝනවිල සුනිල්ගේ සිට ජනාධිපති ආර්.ප්‍රේමදාසගේ ඕනෑ එපාකම් පිරිමැසූ ප්‍රශිද්ධියේ මිනිසුන් මරාදැමූ එහෙත් කිසිම ජගතකුට බය නොවූ විධායක බලතල සියතට ගෙන කටයුතු කළ සොත්ති උපාලි ලංකාවේ දේශපාලන පාතාල ඉතිහාසයේ කුප්‍රකට චරිතයක් වෙයි. මගේ මතකය නිවැරදිනම් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවල පමනක් නොව පොදු පෙරමුණු ආණ්ඩුවලද මෙම පාතාල මාෆියාව එකසේ කරගෙන ගියේය. ආණ්ඩු මාරුවෙද්දී පාතාලයද මාරුවිය. තෙවන විධායක ජානාධිපතිනිය වූ චන්ද්‍රිකා මාෆියාවේ මෙලෙස අවිගත් කණ්ඩායම් කිහිපයක් ගැවසුණු අතර බැද්දගානෙ සංජීව ඇයගේ කුළුපග සගයාවිය. ඉන්පසුව බලයට එන මහින්ද රාජපක්ෂ අනෙක් නායකයන් සේම ඊටත් වඩා පාතාලය ලඟින්ම ඇසුරු කළේය. පුද්ගලිකව ඔහුගේ සහායට එදා මෙදා තුර සිටි ජූලම්පිටියේ අමරේ ඇතුළු පාතාල කණ්ඩායම් කිහිපයක්ම ඔහුගේ කාලයේදී තිබිණි. මහින්දගේ කාලයේ බොහෝ මැති ඇමතිවරුන්ට ඔවුන්ගේම කියා වෙන වෙනම පාතාල කණ්ඩායම් තිබීම විශේෂත්වයකි. එහි අවසානයට ආරක්ෂක ලේකම් විසින් නඩත්තුකරන කුලියට මිනිසුන් මරාදැමූ කණ්ඩායම් කිහිපයක්ම සිටි බව රහසක් නොවේ. ඉතා දිගු කලක සිට ඇරඹුණු දේශපාලන පාතාලය දෙමටගොඩ චමින්ද, නේවි අසංක දක්වාම විහිදෙයි.
දැන් තත්වය ඊටත් වඩා බරපතල බව පෙනේ. යහපාලනය ගෙනෙනවා යැයි කියූ මේ ආණ්ඩුවේද මැති ඇමතිවරුන් කිහිප දෙනකුම තමන්ගේම කියා පාතාලයන් පවත්වාගෙන යාමට පුරුදුව සිටිති. එහි දිගුවක් ලෙස පාතාල වැඩ වලට අමතරව එම පාතාල නායකයන් ප්‍රාදේශිය හා පළාත්සභා නියෝජනය කිරීමට තරම් සමත් පාතාලයක් දැන් ක්‍රියාත්මක වෙමින් තිබේ. එහි අළුත්ම අද්දැකීම වන්නේ යහපාලන ආණ්ඩුවේ ප්‍රභල ඇමතිවරයකු වන ජෝන් අමරතුංගගේ කුළුපග දේශපාලන උදව්කාරයා වන එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගු නමැත්තා මැර කටයුත්තක යෙදී ඉටියදීම අත්තඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්යය බලකාය සමත් වීමයි.
දිවුලපිටිය දූනගහ පාරේ හේනපිටගෙදර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරයා මෙරට ක්‍රියාත්මක වන ප්‍රභල පාතාල කණ්ඩායම් තුනක් සමඟ ඉතා සමීපව කටයුතු කරන බව පොලීසිය සොයා ගෙන ඇත.
“සමයං” ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන අංගොඩ ලොක්කාගේ කල්ලිය, බන්ධනාගාර බස් රථයක ගමන් කරමින් සිටියදී ‘දෙමටගොඩ චමින්ද’ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ මාකිලන්ගමුවේ සංජීවගේ කල්ලිය සහ අපරාධ රැසකට සම්බන්ධ ‘කොළොන්නාවේ චාමර’ගේ කල්ලිය යන පාතාල කල්ලි තුන සමඟ මන්ත්‍රිවරයා සමීප ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවද මූලික විමර්ශනවලදී හෙළිදරව් වී ඇත.
මෙකී පාතාල නායකයන් තිදෙනාගේ ගෝලයන් හත්දෙනකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් මඟින් පෙරේදා (23) අත්අඩංගුවට ගත් අතර තවත් දෙදෙනකු වෙඩි ප්‍රහාර එල්ල වන අවස්ථාවේදී පලා ගොස් තිබිණි. මෙම මෙහෙයුමෙන් අනතුරුව රන්දීර් රුද්‍රිගු මන්ත්‍රිවරයාගේ හැඳල ප්‍රදේශයේ පිහිටි නිවසේ ටී-56 ගිනිඅවියක් සහ පිස්තෝලයක් සඟවා ඇති බවට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එම නිවෙසද වටලා තිබේ.
එහිදී එම නිවෙසේ සිවිලිමේ සඟවා තිබූ උණ්ඩ 115ක්, වෙඩි නොවදින ඇඳුමක්, පුපුරන ද්‍රව්‍ය ග්‍රෑම් 68ක්, කඩුවක් සහ කිණිස්සක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.
එහිදී සැකකාර මන්ත්‍රිවරයාගේ ඉන්දියානු ජාතික බිරියද ද අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම මෙහෙයුම අතර සිදු වූ වෙඩි හුවමාරුවේදී මාකිලන්ගමුව සංජීවගේ ගෝලයකු වූ මිනුවන්ගොඩ කුරේ හෙවත් මිනුවන්ගොඩ, නිල්පනාගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි නාවලගේ කුෂාන් තක්ෂිල කුරේ නමැති හිටපු නාවික හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්විය.
ගිනි අවි ආඥා පනත යටතේ පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී රන්දීර් ආසිරි රුද්‍රිගෝ සහ ඔහුගේ බිරිඳ ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.