රවී කරුණානායක මහතා මුදල් ඇමතිව සිටි සමයේ පදිංචිවීම සඳහා අර්ජුන් ඇලෝසියස් මහතා විසින් නිවසක් ලබාදීම සම්බන්ධයෙන් බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අනිකා විජේසූරිය මහත්මිය වෙත එල්ල වූ මරණ තර්ජන හේතුවෙන් විදෙස් ගත වී ඇති බව අනාවරණය වී තිබේ. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශන සිදු කරන ජනාධිපති කොමිසම හමුවේ පවසා සිටියේ අනිකා විජේසූරිය මහත්මියට එල්ල වූ ජීවිත තර්ජන හේතුවෙන් ඇය විදෙස්ගත වී ඇති බවයි.
අනිකා විජේසූරිය මහත්මියට මරණ තර්ජනය කර ඇත්තේ අමාත්‍ය රවී කරුණානායක මහතාගේ බෑණා කෙනෙකු වන ශනිල් නෙත්තිකුමාර නමැත්තා බව බැඳුම්කර කොමිසමේදී අනාවරණය වී තිබේ. එසේම අනිකා මහත්මියගේ සහෝදරයෙකු වන විජිත් යන අයටද මරණ තර්ජනය කර ඇති බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙසත් නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් බැඳුම්කර කොමිසමෙන් ඉල්ලා තිබේ.
මේ අතර පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් විසින් මිලදී ගෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට ලබාදී ඇති ‘මොනෑක්’ නිවාස සංකීර්ණයේ හිමිකාරිය වූ අනිකා විජේසුරිය මහත්මිගේ ඥාතීන්ට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද ලබා දී තිබේ.
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සමීප ඥාතියෙකුගෙන් ඇයට සහ ඇගේ ඥාතියෙකුට ඒල වී ඇති ජීවිත තර්ජන හේතුවෙන් මෙසේ පොලිස් ආරක්ෂාව ලබාදී ඇතැයි වාර්තා වේ.
සවනහ: වසන්ත බංඩාර