අපරාධවිශේෂාංගවීඩියෝ

මමයි අම්මයි එකට තමයි හිටියේ අනතුරුව අම්මාව දැක්කේ නැහැ – බාලචන්ද්‍රන් ප්‍රභාකරන්

ශ්‍රී ලංකාවේ අවසන් යුද්ධයේදී දස දහස් ගණනක දෙමළ ජන සංහාරයක් ශ්‍රී ලංකා රජය හා ඔවුන්ගේ කුලී හමුදාවන් විසින් කළ බවට මේ වනවිට ලොව පුරා ගිණිජාලාවක් සේ පැතිර යන්නේ චනල්4 නාළිකාව විසින් ප්‍රචාරය කළ වාර්ථා වැඩසටහනින්ය. ප්‍රභාකරන්ගේ පුතු බාලචන්ද්‍රන්, එල්.ටී.ටී.ඊ.යේ හිටපු මඩකලපු නායක රමේෂ් සමඟ කරන කතාබහකුත්, ඉන්පසු ඔහු මරාදමා ඇති අයුරුත්, ඔහුගේ සිරුර දර සෑයක දවන අයුරුත් විඩියෝවේ දැක්වෙයි. තවත් දහස් ගණනක් දෙමළ ජනතාවගේ මළසිරුරු පෙන්වාදෙන එම වීඩියෝ පටය ජාත්‍යන්තරය තුළ දැඩි කම්පාවක් ඇතිකරමින් තිබේ.

නෝ ෆයර් සූන් වාර්තා චිත්‍රපටයේ අධ්‍යක්‍ෂක කැලම් මෙක්රේ මහතා අමතා ග්ලෝබල් තමිල් පුවත් සේවය මේ සම්බන්‍ධයෙන් ඔහුගෙන් විමසා ඇත. ඔහු විසින් ඉදිරිපත් කළ කරුණු ඇතුලත් වාර්තාව අපේ පළමු පුවත ලෙස එකතු කරන්නට අප ඉතාම දිගු කතාබහකින් පසුව තීරණය කළෙමු. මේ වන විට තමිල් නෙට් ඇතුළුව බොහෝ අන්තර්ජාල වෙබ් අඩවි තහනම් කර ඇති මේ මොහොතේ තහනමේ ඇති වෙබ් අඩවි කිහිපයකින් ම තොරතුරු ලංකාවේ කලක සිට අප හා සමඟ සිටින පාඨකයින් වෙනුවෙන් පළකිරීමට තීරණය කළෙමු. ග්ලෝබල් තමිල් පුවත් සේවය කැලම් සමඟ කළ කතාබහ………

ප්‍ර – ප්‍රබාකරන්ගේ පුතු බාලචන්ද්‍රන්ගේ ඡායාරූප ගන්නාලද්දේ කවුරුන් විසින්ද?

පි – බාලචන්ද්‍රන් සිටින ඡායාරූප ගන්නා ලද්දේ වීඩියෝ දර්ශනවලින්ය. 2009 මැයි මස 19වැනි දින උදෑසන එම වීඩියෝ දර්ශනය පටිගතකර තිබේ. ශ්‍රී ලංකා හමුදාවෙහි දරුණුතම හමුදා සේනාව වන්නේ 53වැනි බළ සේනාවය. ප්‍රබාකරන් ඇතුළු ප්‍රධාන පෙළ නායකයන්ව හමුවුයේ ඔවුන්ටය. බිඳක් හෝ අනුකම්පාවක් නැති සේනාවකි.

මින් පසු මම ඔබ සමඟ බෙදාගන්නා තොරතුරු සියල්ල සෘජුව දැකපු දේවල් නොවේ. එම වීඩියෝ දර්ශනය පටිගතකළ සිංහල හමුදා සෙබළුන් දෙදෙනෙකු මා වෙත පැවසූ කරුණුය. වීඩියෝවේ පටිගතවූ සිද්ධියන්ය. ඔවුන් දෙදෙනා 53වැනි බළ සේනාවට අයත් සෙබළුන්ය.

අවසන් යුද්ධය නිමාවන තෙක් යුද්ධය පැවැති කලාපයතුල කටයුතුකළ පිරිසය. යුද්ධය අවසන්වූ පසු එහි සිට පැන ඇවිත් තිබේ. එම විඩියෝ දර්ශන සියල්ල ඔවුන්ගේ ජංගම දුරකථනයෙන් ගන්නාලද දර්ශනය. යුද්ධය පවතින ප්‍රදේශවල වීඩියෝ, ඡායාරූප ගැනීමටද අවසරයක් නැත. ජංගමදුරකථනවලින් ගන්නාලද දර්ශනද රහසිගතව ගන්නාලද දර්ශනය.

අවසන් යුද්ධය පැවති මුල්ලිවායිකාල් ප්‍රදේශය වර්ඝ කිලෝ මිටරයක පමණ කුඩා ප්‍රදේශයකි. ජන ඝාතනය සිදුවී තිබෙන්නේ එම ප්‍රදේශයේදීය. 2009 මැයි 18වැනි දින රෑ යුද්ධය උග්‍රවිය. එහි තිබුණු ගස් වැල් වාහන සියල්ල හමුදාව විසින් ගිනිබත් කළෝය.

එවිට බාලචන්ද්‍රන් තම ආරක්‍ෂකයන් සිව්දෙනෙකු සමඟ රාත්‍රී පුරාවටම බංකරයක්තුල රැඳී තිබේ. උදෑසන වෙන මඟක් නොමැතිව ආරක්‍ෂකයන්ගේ තීරණයට අනුව 53වැනි බලසේනාවට භාරවි තිබේ. මැයි 19වැනි දින උදෑසන 7.30ට පමණ ඔවුන් භාරවූ බවත් ඉන්පසු බාලචන්ද්‍රන්ව හා ඔහුගේ ආරක්‍ෂකයන්ව තනි තනිව වෙන්කර තිබේ.

යටත්වූ පිරිස සම්බන්‍ධයෙන් එහි කටයුතුවල නිරතව සිටි මේජර් ජනරාල් කමල් ගුණවර්ධන මහතා, ගෝඨාබය රාජපක්‍ෂ මහතාට දැනුම්දී තිබේ. ගෝඨාබය රාජපක්‍ෂ මහතා එය කරුණා වෙත දන්වා තිබේ. “ ඔහුව පණ පිටින් අත්හැරියනම් අපට තමයි ප්‍රශ්ණේ. එම ළමයා බාල වයස්කරුවෙකි. නීතිමය පැතින් ඔහුට දඞවම් කිරීමටද නොහැක. නීතියෙන් ඔහු බේරි ගියේනම් අනාගතයේදි කොටි සංවිධානයෙහි මීළඟ නායකයාද විය හැක. සියළු දෙනාම මෙන් ඔහුවද ඝාතනය කළ හැකිය“ යැයි ගෝඨාබය රාජපක්‍ෂ මහතාට උපදෙස්දී තිබේ. එයට අනුව 53වැනි බලසේනාවට නියෝගය ලබාදෙන ලදි.

උදෑසන 9.30ට පමණ බාලචන්ද්‍රන්ගේ ශරීරය අසලදි තුවක්කුව තබා පස්වරක් වෙඩි තබා තිබේ. කිසිවකුව ඝාතනය කළේනම් ඔවුන්ගේ මළසිරුරට ගිනි තබා සාධක නැති කිරීම එම බලසේනාවෙහි සිරිතකි. බාලචන්ද්‍රවන්ද එලසම රැගෙන ගොස් තිබේ. බාලචන්ද්‍රන් භාරවු විට 7.30 ගත් වීඩියෝ දර්ශනය හා 9.30ට ඔහු ඝාතනය කළපසු ගත් වීඩියෝව දර්ශනය තමයි දැන් නිකුත්කර තිබෙන්නේ

ප්‍ර – බාලචන්ද්‍රන්ගෙන් ප්‍රශ්ණ කිරිමක් කර තිබීම ගැන දැනගන්නට ලැබේද?

පි – බාලචන්ද්‍රන් ඔහුගේ මව ගැන හා අක්කා ගැන විමසා තිබේ. “මමයි අම්මයි ඊයේ එකට තමයි හිටියේ බෙරෙන්න කියා පැවසූ පසු ඔවුන් එක් කණ්ඩායමක් වශයෙන්ද අපි තවත් කණ්ඩායමක් වශයෙන් පැමිණෙන විට අතරමඟ අම්මාව දැක්කේ නැහැ. ඔවුන් දැන් කොහෙද කියා මම දන්නේ නැහැ“ යැයි පවසා තිබේ. වෙන කිසවක් ඔහුගෙන් අසා නොමැත. වෙඩි තැබීම සඳහා තුවක්කුව ඔහු වෙත මෙල්ලකරන විටත් තමන්ට වෙඩි තැබීමට යන බව ඔහු දැන සිටියේ නැත.

ප්‍ර – ශ්‍රී ලංකානු රජය මෙම වීඩියෝ දර්ශන ව්‍යාජයැයි පවසනවා නේද?

පි – එම ජංගමදුරකථනයෙහි තිබුණු වීඩියෝ දර්ශණ පෙල මම අවස්ථා රැසක පරික්‍ෂාකර එහි සත්‍යතාවය සොයා බැලීමෙන් අනතුරුවයි ප්‍රලේඛන පටයක් ලෙස අධ්‍යක්‍ෂණය කළේ. විඩියෝ දර්ශණ ටික එංගලන්තයේදි විශේෂ පරික්‍ෂණයකටද ඇතුලත් කළෙමු. එම විඩියෝවෙහි තිබෙන කරුණු සියල්ල ඇත්ත… ඇත්ත… ඇත්ත….

දැනුත් එහි සිටින දෙමළ ජනතාව ආහාර පාන, ඇඳුම් නොමැතිව දුක් විදමින් සිටිති. ශ්‍රී ලංකානු රජය විසින් ඔවුන්ට කිසිම උදව්වක් ලබාදෙන්නේ නැතයි මැක්රේ තරයෙන් පවසා සිටියේය.

නෝ ෆයර් සූන් වල සඳහන්වූ විඩියෝ දර්ශන රැසක් ලබාදී උදව් කළේ ශ්‍රී ලාංකිකයකු වන කන්නන්ය. අවසන් යුද සමයේදී ප්‍රබාකරන් සමඟ සම්බන්‍ධකම් තිබූ පුද්ගලයන් අතර කන්නන්ද එක් අයකි. ඔහු සමඟද කථා කළෙමු.

මෙම ශත වර්ෂයේදී දරුණුතම ජන ඝාතනයෙහි ශෝකය මෙයවේ. මුල්ලිවායිකාල් ඉතා කුඩා ප්‍රදේශයකි. එම ප්‍රදේශයතුල ලක්‍ෂ ගණනක ජනතාවන් කොටුවී සිටියෝය. දිනකට එක් වේලක ආහාර පමණි. අඩක් ආහාර නොමැතිව මුහුදු ජලය බීමෙන් මියගොස් තිබුණි.

දෙමළ ජනතාව හමුදාව වෙත භාරවීමට පැමිණියෝය. “අපි ඔබලාට වෙඩි තියන්නේ නැහැ. ඔබ සියළු දෙනාම නිරුවත්ව පැමිණිය යුතුයි“ යැයි හමුදාව නියෝග කළේය. වෙනත් විකල්පයක් නොමැතිව පියා ඉදිරියේ දුවද, පුතා ඉදිරියේ මවද, සහෝදරයාගේ ඉදිරියේ සහෝදරියද නිරුවත්වී හමුදාව ඉදිරියේ භාරවුණි. මැනික්ෆාම් කඳවුරේදීද, වැලිකන්ද කඳවුරේදීද පිහිටි රහසිගත කඳවුරුවල දිනපතා රාත්‍රීයේදි කාන්තාවන්ගේ වැලපීම ඇසෙයි. මෙතෙක් ශ්‍රී ලංකාවතුල ඝාතනයවූ ජනතාවගේ සංඛ්‍යාව එක් ලක්‍ෂ 47ක් පමණවේ.

ශ්‍රී ලංකා හමුදාව යුද්ධයේදී තහනම්කළ ආයුධ ගණනාවක් භාවිතා කළේය. පොකුරු බෝම්බ, කුඩා බෝම්බ 500කට වෙන්වී පිපිරෙයි. ලොව කිසිම රටක් මෙම බෝම්බ භාවිතා කරන්නේ නැත. වයිට් පොස්පරස් නැමැති පොකුරු බෝම්බ ඉතා භායනකය.

එකම පහරකින් බෝම්බ 100කට බෙදී යයි. එම බෝම්බ අවට තිබෙන ඔක්සිජන් වාතය උරා ගැනීමෙන් අනතුරුව පිපිරෙයි. එම නිසා එම බෝම්බවල විනාශයට එහා බොහෝ දෙනෙකු හුස්ම ගැනීමට නොහැකිව මියගියෝය.

චනල්4 නාළිකාවෙහි තිබෙන සාධක සියල්ල උදාහරණ පමණි. සියළු දෙයම හෙලිවූවේනම් ශ්‍රී ලංකාවටම එය දරාගත නොහැකිය.

සටහන: ඩෙස්කා කුඩාවිල

ස්තූතියි – ජූනියර් විකඩන්

උපුටාගැනීම: GTSN

Puthiya Thalaimurai රූපවාහිණිය මඟින් යළි විකාශනය කළ මෙම වාර්ථා වැඩසහහනින් කොටසක්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *