Skip to content
photo credit By: INP
මෑත කාලීන ලෝක දේශපාලන ඉතිහාසයේ පහලවූ ජෝකර් කවුද කියල අහුවොත් අපේ මනසට නිතැතින් ම එන චරිතය තමයි ඩොනල් ට්‍රම්ප්. ජනාධිපති වීමට පෙර පැවති සෑම ජන හමුවකදීම පාහේ ඔහුගෙන් අළුත් ගොබ්බ කතාවක් කරලියට ආවේය. ඔහු හැමදාමත් කුමක් හෝ බයිලාවක් කියමින් තම අසන්නන් චූන් කිරීමට දක්ෂ විය. ජනාධිපති වීමෙන් පසුවත් ඔහු වැඩේ අත්හැරියේ නැත. ඔහු ඇමරිකාවේ බලයට පත්ව දැන් ටික කලක් ගතව ඇත. එදා අප සිතුවාටත් වඩා ජෝකර් කථා ජනාධිපති වීමෙන් අණතුරුව ද ඔහු කර තිබේ. ඔහුගේ ගොබ්බ කතාවලට එක්සත් ජාතීන්ගේ බහුතර රටවල් ප්‍රමාණයක් විරුධවීමේ පුවතක් වාර්තාවෙයි.
පළමුවරට යුරෝපයට පැමිණි මොහොතේ යුරෝපා නායකයින්ගේ උණුසුම් පිළිගැනීමකට ලක් නොවන ඩොනල් ට්‍රම්ප් ගැන අපි බලා සිටියෙමු. එහෙත් ඔහුගේ පම්පෝරි ගැසීම් තවමත් ඉවර නැත. පසුගියදා ජෙරුසලමේ කතාවෙන් ඔහු යළි කරලියට පැමිණ තිබේ. ඔහු කළ යෝජනාව එක්සත් ජාතීන්ගේ විරෝධය සහිත යෝජනාවක් වී පසුගියදා පැමිණියේය. එහෙත් එදා යුරෝපා නයකයින්ගේ නොසැලකිල්ලට ලක්වූවාසේම ජෙරුසලම ඊශ්‍රායෙලයේ අගනුවර ලෙස පිළිගැනීමට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයට විරුද්ධව ශ්‍රී ලංකාව ද ඇතුළු රටවල් 128ක් විරෝධය හමුවේ එය හකුලාගැනීමට ඇමරිකාවට සිදුවිය.
ජෙරුසලම ඊශ්‍රායෙලයේ අගනුවර වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගැනීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගෙන ආ යෝජනාවට පක්ෂව එම රටවල් මෙසේ සිය ඡන්දය භාවිත කර ඇත.
චීනය, බංග්ලාදේශය, ඉන්දියාව, උතුරු කොරියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ඉතාලිය, නවසීලන්තය, දකුණු කොරියාව, රුසියාව, ජපානය මහා බ්‍රිතාන්‍ය, ස්පාඤ්ඤය ඇතුළු රටවල් 128ක් මෙසේ එක්සත් ජාතීන්ගේ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබේ.
ඇමෙරිකාව, ඊශ්‍රායෙලය ඇතුළු රටවල් 9ක් පමණක් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර ඔස්ට්‍රේලියාව හා ආජන්ටිනාව ඡන්දය භාවිත කිරීමෙන් වැළකී ඇත.
සටහන: ඩෙස්කා කුඩාවිල