Photo Credit By: NinA
ආසියාවේ ආස්චර්යය බවට ලංකාව පත්කරන්නේ යැයි පුරසාරම් දොඩමින් බලයට පැමිණි නායකයින් ගැන අප මින් පෙර අසා තිබිණි. ඒ ආශ්චර්ය කෙසේ වෙතත් පුළු ආසියාවේම ලොකුම , විශාලතම වකුගඩු රෝහලට මුල්ගල් තැබීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් අද (6) සිදු කෙරිණි.
මෙම රෝහල චීන සමූහ ආණ්ඩුවේ මුදල් පරිත්‍යාගයක් මත ඉදිකෙරෙන අතර, ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් කෝටි 1200ට අධික බවයි උත්සව සභාවේදී කියැවුණේ.
මෙම රෝහල නවීනතම පරීක්ෂණාගාර සහ අධිතාක්ෂණික පහසුකම් වලින් සමන්විතය. වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම, රුධිර කාන්දුකරණ සේවා ඇතුළු සායනික සේවාවන්, රසායනාගාර සේවාවන්, උපදේශන සේවාවන් ආදී සියලුම සේවාවන් මෙම රෝහල මගින් සැපයෙන අතර මූලික ප්‍රතිකාර ඒකකයක්, බාහිර ප්‍රතිකාර ඒකකයක්, ඇඳන් 200 කින් යුතු නේවාසික රෝගීන් ප්‍රතිකාර ඒකකයක්, රුධිර කාන්දුකරණ ඇඳන් 100 ක් සහිත නවීන පහසුකම්වලින් යුත් ශල්‍යාගාර, දැඩිසත්කාර ඒකක දෙකක් සහ ලේ බැංකුවක් ද ඊට අයත් වේ.
මින් වසර පහළොවකට විස්සකට පමණ පෙරදී අප අසාවත් නොතිබුණ වකුගඩු රෝගය මේ වනවිට සමස්ථ මහවැලි කළාපයන් වසාගෙන ඉතාම සීග්‍රයෙන් පැතිරෙන රෝගයකි. චීනය හා ලංකාව අතර මිතුදමට හැට වසරක් පිරෙන මොහොතේ චීනයෙන් ලැබුණු මෙම මහඟු ත්‍යාගයේ වටිනාකම ගැන මහත් උජාරුවට කතාකළ ජනාධිපතිවරයා මෙම රොගය වැලඳීමට බලපාන විනාෂකාරී කෘමිනාශක හා වල්නාශක මෙන්ම පොහොර වර්ග ගැන එකඳු වචනයක් හෝ කතා නොකිරීම කාගේත් කතාබහට ලක්විය. එම උත්සවයට සහභාගීවූ ඇතමුන් සඳහන් කළේ ජනාධිපතිවරයා සෞඛ්‍ය ඇමතිවරයාව සිටි සමයේ සිට වකුගඩු රෝගය වැලැක්වීමට උනන්දුවූයේ නම්, ආසියාවේම විශාලම රෝහල තමන්ගේ ගම්පෙදෙසේ ඇතිකිරීමට නොව වකුගඩු රෝගය සහමුළින්ම තුරන්කළ ප්‍රදේශය බවට පොළොන්නරුව පත්කළ හැකිව තිබූ බවයි. එහෙත් අපේ රටේ දේශපාලඥයන් පගාකරුවන්, අතයට ගනුදෙනු කරුවන් මිස සැබෑ ජනතාවාදීන් නොවන බැවින් එවන් දෙයක් සිහිනෙන් පවා සිතිය නොහැකි බවයි ඔහු සමඟම සිටි තවෙකකු කියා සිටියේ.
සටහන: සේන හේරත්