උපුටාගැනීම්විශේෂාංග

උතුරේ දෙමළාට දෙමළ අහිමිවීම – කත්‍යානා අමරසිංහ

යාපනයට ගිය ගමනකදී, ටැක්සි රථයකට අප ගොඩවූ විට එහි රියැදුරා එ් වන විටත් වාදනය වෙමින් තිබූ දෙමළ ගී තැටිය නවත්වා වහා සිංහල සින්දු තැටියක් දැමුවේය. එයින් ඇසුණේ අසන විට හිසරදය හැදෙන තරමේ කසිකබල් තේරුමක් ඇති සිංහල ගීතයකි. සිංහල නොදත් අසරණ රියැදුරා සිතන්නට ඇත්තේ එය ඉතා අගනා සිංහල ගීතයක් බවත් එය ඇසෙන්නට සැලැස්වීමෙන් දකුණෙන් පැමිණි අප සතුටු කිරීමට හැකි බවත් විය යුතුය. අන්තිමේදී එය අසාගෙන සිටින්නට නොහැකි තැන ‘තමිල් සෝංග් ප්ලීස්’ යැයි කියා යාන්තම් යළිත් දෙමළ සින්දු තැටියකට මාරු කරවා ගත්තෙමි.

පිටුපස හැරී බැලූ රියැදුරු දෙමළ සින්දු අසන අපට විස්මයෙන් පිරි සිනාවක් පෑවේය. දෙමළාට දෙමළ වීම නිසා ඇති ප‍්‍රශ්නය කුමක්ද?
මට එ් වේලාවේ සිහියට නැගුණේ එ් දිනවල ෆේස්බුක් සමාජ ජාලයේ සංවාදයට තුඩු දුන් එම ප‍්‍රශ්න යයි. මගේ ජාතිකවාදී මිතුරන් එහිදී පුන පුනා කියූ හැටියට නම් ලංකාවේ සිටින දෙමළාට දෙමළ වීම නිසා ඇති ප‍්‍රශ්නයක් නැත. එවැනි මිතුරෙකු මුහුණු පොතේ උපහාසයෙන් ලියා තැබූ හැටියට දෙමළාට දෙමළ වීම නිසා ඇති (ඔහුට වැටහෙන* ප‍්‍රශ්න ටික වන්නේ වෙනම කොඩියක් නැති වීම, වෙනම ජාතික ගීයක් නැති වීම, වෙනම පොලිසියක් නැති වීම වැනි කාරණා ටිකකි.

‘‘දෙමළ වීම හින්ද ප‍්‍රශ්නෙ මොකද්ද කියලද අහන්නෙ? ප‍්‍රශ්නෙම තියෙනව උත්තරේ. මොකක් හින්දවත් නෙමෙයි. අපිට දෙමළ වීම ම තමයි ප‍්‍රශ්නයක් වෙලා තියෙන්නෙ.’’

මට යාපනයේදී හමුවූ දෙමළ ජාතිකයන් බොහෝ දෙනකුගෙන් නම් ඊට ලැබුණු පිළිතුර එසේය. මගේ ජාතිකවාදී මිතුරා හිතන හැටියට වෙනම කොඩියක්, වෙනම ජාතික ගීයක් වැනි සිල්ලර කාරණාවලට වඩා දෙමළ මිනිසුන්ට- විශේෂයෙන් යාපනයේ දෙමළ මිනිසුන්ට දැවෙන ප‍්‍රශ්න ගොන්නක් තිබේ. එයින් මූලිකම ප‍්‍රශ්නයක් වන්නේ භාෂා ප‍්‍රශ්නයයි. දෙමළ ජනතාව යැයි කී විට දකුණේ වෙසෙන සිංහලත් , දෙමළත් දෙකම දන්නා දෙමළ ජාතිකයන් පමණක් සිහියට නැගෙන අයට දශක තුනක් පුරා සිංහල සමාජයෙන් සම්පූර්ණයෙන් දුරස්ථව ජීවත් වෙන්නට සිදුව ඇති යාපනයේ වෙසෙන දෙමළ ජාතිකයන් අමතක ය.

‘‘යාපනේ අයට තවමත් විශ‍්‍රාම වැටුප්, ජාතික පාසල් පත්වීමේ ලිපි, වැටුප් විෂමතා, උසස් වීම් යනාදී කොළඹ රජයේ ආයතනවලට සම්බන්ධ හැම ලියුමක්ම වගේ ලැබෙන්නෙ සිංහලෙන්. සිංහල වචනයක් දෙකක් කතා කර ගන්න මෙහෙ ඉන්න සමහරුන්ට පුළුවන් වුණාට සිංහලෙන් ලියුමක් කියව ගන්න පුළුවන් අය ඇත්තෙම නැති තරම්. ඉතින් ඊට වඩා ප‍්‍රශ්නයක් කොහෙන්ද?’’ එසේ කියන්නේ මට හමුවූ අයි. ඞී. ඩික්සන් පියතුමාය. යාපනයේදී අපට හමුවූ උදවිය අතරින් සිංහල කතා කරන්නට, කියවන්නට ලියන්නට හැකි එකම පුද්ගලයා එතුමාය. මේ වන විට යාපනය ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ දෙමළ ගුරුවරුන්ට සිංහල බස උගන්වන එකම කථිකාචාර්යවරයාද ඔහුය.

ඊට අමතරව ඔහු විසින් සලසන ලොකුම සේවාව වන්නේ කොළඹ සිට සිංහලෙන් පැමිණෙන රාජකාරි ලියුම් පරිවර්තනය කිරීමට යාපනයේ වැසියන්ට උදව් කිරීමය. ඒ නිසාම භාෂා ප‍්‍රශ්නය නිසා ඔවුන් වි`දවන අපහසුතාව හො`දින් දන්නේද ඔහු වැනි අයය. යාපනයේදී මට හමුවූ තවත් දෙමළ ජාතිකයන් කියූ හැටියට ලොකුම ප‍්‍රශ්නවලට ඔවුන් මුහුණ දෙන්නේ පොලීසිය සමග කටයුතු කරන්නට යාමේදීය. උතුරේ පොලීසිවල බොහෝ විට රාජකාරි කරන්නේ සිංහල අය ය. දෙමළ දන්නා නිලධාරියෙකු සෑම පොලිස් ස්ථානයකටම සිටින බව කියතත් එය ප‍්‍රමාණවත් නොවන අවස්ථා තිබේ.

’‘දවසක් මං පොලීසියට ගියා පැමිණිල්ලක් කරන්න. මං කියපු දේ එතන හිටපු නිලධාරියා සිංහලෙන් ලියා ගත්ත. මට සිංහල අකුරක්වත් කියව ගන්න බෑ. මං කොහොමද දන්නෙ ඒ නිලධාරිය පරිවර්තනය කරල ලියා ගත්තෙ මං කියපු දේමද කියල. පස්සේ මං ස්ථානාධිපතිතුමා හම්බ වෙලා ඉංග‍්‍රීසි භාෂාවෙන් සම්පූර්ණයෙන් මං කියපු දේ ලිඛිතව භාර දුන්න. ඒත් මං ඒක කළාට ඉංග‍්‍රීසි නොදන්න මෙහෙ සාමාන්‍ය මනුස්සයෙක් ඒක කරන්නෙ කොහොමද?’’

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි හිටපු ව්‍යාපෘති සම්බන්ධීකාරකවරයකු වූ පරමනාදන් මහතා මට කීවේ ඔවුන් ජීවිත කාලයක් පුරා වි`දින දුෂ්කරතාවවෙන් එක් අවස්ථාවක් ගැනය. පොලිස් ස්ථානයක දෙමළ බස දන්නා නිලධාරියෙකු නැති වේලාවට දෙමළ භාෂා පරිවර්තකයෙකුගේ සහය ලබා ගැනීමට ඉල්ලීමක් කළ හැකි නමුත් ප‍්‍රශ්නය වන්නේ එවැනි පරිවර්තකයන්ද යාපනයේ දුලබ වීමය. ඩික්සන් පියතුමාගේ වචනවලින්ම කියතොත් ‘‘අවුරුද්දකින් කර ගන්න පුළුවන් දේ අවුරුදු පහකින් විතර කර ගන්න පුළුවන් එහෙම බලාගෙන හිටියොත්’’

තමන්ගේ මව්බසින් වැඩකටයුතු කරගෙන යාමට ඕනෑම පුරවැසියෙකුට ඇති අයිතිය ගැන ද, එහිදී දෙමළ ජාතිකයන් සිංහල අධිපතිවාදී සමාජයක් තුළ මුහුණ දෙන අසාධාරණය ගැන ද කතා කළ යුතු අතර, යුද්ධයෙන් පසුව සහජීවනය ගොඩනැගීමේදී සිංහල, දෙමළ ඉංග‍්‍රීසි යන භාෂා තුනම සියලූ ශ‍්‍රී ලාංකිකයන් ඉගෙන ගැනීමේ වැදගත්කමද මෙහිදී අමතක කළ නොහැකිය.

’‘දකුණෙ අය දැන් දෙමළ ඉගෙන ගන්නවනෙ. ඇයි ඉතින් උතුරෙ අයට සිංහල ඉගෙන ගන්න බැරි’‘ දකුණේ සමහරු අසති. එහෙත් දකුණේ අයට දෙමළ ඉගෙන ගන්නට ඇති පහසුකම උතුරේ සිටින අයට සිංහල ඉගෙන ගන්නට නැති බව එ් ආකාරයට චෝදනා කරන අය සිතන්නේ නැත. සංචාරය ස`දහා යාපනයේ ජනප‍්‍රිය සංචාරක ආකර්ෂණ වෙත පමණක් ගොස් ආපසු කොළඹට එන බොහෝ දෙනකු සිතන්නේ හෝටල්වල, අවන්හල්වල, කඩසාප්පුවලදී ඔවුන්ට හමුවන දෙමළ ජාතිකයන්ට සිංහල ටිකක් කතා කර ගන්නට, තේරුම් ගන්නට පුළුවන් නිසා භාෂා ප‍්‍රශ්නයක් යාපනයේ නැති බවය. එහෙත් යථාර්ථය ඊට වඩා වෙනස්ය. එ් ආකාරයට දකුණෙන් එන සිංහල මිනිසුන් හා ගැටීමට කිසිම අවස්ථාවක් නොලැබෙන යාපනයේ වැසියන්ට තවමත් සිංහල බස ආගන්තුක භාෂාවකි.

ඩික්සන් පියතුමා කියන හැටියට උතුරේ ප‍්‍රධාන පෙළේ පාසල්වල හැරෙන්නට අනෙක් පාසල් බොහොමයක සිංහල බස උගන්වන්නට ගුරුවරුන් නැත. සිසුන්ට තබා ගුරු පුහුණුවට එන දෙමළ ගුරුවරුන්ට සිංහල ඉගැන්වීමද අභියෝගයකි. සිංහල වචනයක්වත් නෑසෙන පරිසරයක ජීවත් ව තිබෙන ඔවුන්ට එකවරම ආගන්තුක භාෂාවක් ඉගෙන ගැනීම අසීරු බව අමුතුවෙන් කිව යුතු නොවේ.

’‘සිංහල හෝඩියෙ අකුරු ටික මගේ ගෝලයන්ට උගන්නන්න මාස හයක් විතර ගියා’’ යි කියන මුත් ඔහු උත්සාහය අතහැර දමන්නට සූදානමක් නැත.

‘‘යාපනයේ දෙමළ වැසියන්ට තමන්ගෙ මව් භාෂාවෙන් වැඩකටයුතු කරගෙන යන්න මීට වඩා පහසුකම් සලසන්න ඕන කියන එකයි අපේ ඉල්ලීම. විශේෂයෙන් පොලිස් ස්ථානවලට සිංහල, දෙමළ භාෂා දෙකම දන්නා නිලධාරින් වැඩියෙන් පත් කළ යුතුයි. මෙහෙ අයට කොළඹින් ලැබෙන ලියකියවිලි දෙමළ බසින් ලැබෙනවා නම් එ්ක ඔවුන්ට පහසුවක්. මේ ඔක්කොම අතර අප දැන් හිතන්න ඕන අනාගත පරම්පරාව ගැන. මගේ අදහස නම් සිංහල, දෙමළ ඉංග‍්‍රීසි කියන භාෂා තුනම කුඩා කාලයේ ඉ`දල දරුවන්ට උගන්වන්න ඕන. භාෂා ප‍්‍රශ්නයට හො`දම විස`දුම එ්ක.’’

එ් ස`දහා ඔහු අත ඉතා අගනා යෝජනාවක් තිබේ. එ් දැනට වසා දමා තිබෙන යාපනය සිංහල මහා විදුහල යළි විවෘත කර එය ත්‍රෛභාෂා විද්‍යාලයක් බවට පත් කිරීමයි. යාපනයේ සර්ව ආගමික නායකයන්ගෙන් සුසැදි ‘යාපනය අන්තර් ආගමික කණ්ඩායමේ’ ලේකම් ධුරය හොබවන ඩික්සන් පියතුමා කියන්නේ තම කණ්ඩායම මේ වන විටත් මේ ඉල්ලීම රජයේ වගකිවයුත්තන්ට ඉදිරිපත් කර ඇති බවයි.

‘‘යාපනයේ ජීවත් වෙන දරුවන්ට භාෂා තුනක්ම ඉගෙන ගන්න පුළුවන් මෙවැනි විදුහල් ඇති කළොත්. එය සංහි`දියාවටත්් විශාල උදව්වක්. විශේෂයෙන්ම යාපනයේ රාජකාරිවලට එන සිංහල රජයේ නිලධාරීන්ගෙ දරුවන් යවන්නත්, මේ වගේ පාසලක් ඇති කළොත් එය ලොකු උදව්වක්. 2009 වසරෙ ඉ`දලයි අපි මේ යෝජනාව ඉදිරිපත් කරන්නෙ. කාලයක් තිස්සෙ මේ ගැන මැති ඇමතින්ට ලියපු ලිපි අපි ළ`ග තියෙනවා. මේ ආණ්ඩුව ආවට පස්සෙත් අපි මේ ගැන කතා කළා.’’ ඩික්සන් පියතුමා කියයි.
එහෙත් යාපනයේ අනෙකුත් ප‍්‍රශ්න මෙන්ම එය යථාර්ථයක් බවට පත් වීම තවමත් සිහිනයක් පමණි.

ඔවුන්ගේ මේ යෝජනාව වැදගත් වන්නේ භාෂාවක් සාර්ථකව ඉගෙන ගන්නට හැකි වන්නේ කුඩා අවධියේදීම ඊට අඩිතාලම වැටුණු විට බව භාෂා විද්‍යාඥයන් පවා පිළිගෙන ඇති බැවිනි. ‘‘භාෂා පුහුණු පොත් වගයක් අරගෙන සිංහල භාෂාව ඉගෙන ගන්න සෑහෙන උත්සාහයක් ගත්ත. එ්ත් ඉක්මනටම අමතක වෙනව. හරි අමාරුයි දැන් මතක තියා ගන්න’’ වැඩිහිටි අවධියේදී සිංහල ඉගෙන ගැනීමට තැත් කර අසාර්ථක වූ යාපනයේ දෙමළ මිතුරෙකු වරෙක කීවේ එ් නිසාය. මටද ඔහු හා එකඟ විය හැක්කේ මගේ දෙමළ භාෂාව ඉගෙනීමද එ් ආකාරයටම අසාර්ථක වී ඇති නිසාය. ඔහුට මෙන්ම මටත් අද පාසල් දරුවන්ට මෙන් සිංහල හෝ දෙමළ භාෂාව දෙවැනි බසක් ලෙස පාසලේදී ඉගෙන ගන්නට අවස්ථාවක් ලැබුණේ නැත.

එහෙත් ඔහුට වඩා මා වාසනාවන්තය. එසේ වන්නේ දකුණේ විසීමත්, සිංහලයෙකු වීමත් නිසාය. කොතැන ගියත් මගේ මව්බස වූ සිංහලෙන් වැඩකටයුතු කර ගන්නට පුළුවන් නිසාය. එහෙත් අවුරුදු දහස් ගණනක් තිස්සේ ගොඩනගාගත් ශ‍්‍රී ලාංකේය දෙමළ සංස්කෘතියකට උරුමකම් කියන මගේ මිතුරා වැනි උතුරේ දෙමළ ජාතිකයන්ට, තම මව්බස රාජ්‍ය භාෂාවක් හැටියටද පිළිගෙන ඇති යුගයක, තවදුරටත් භාෂාව නිසා ගැහැට වි`දින්න සිදුවීම ප‍්‍රශ්නයක් කියා හෝ පිළිගත හැකි අය දකුණේ මහ සමාජය තුළ සිටීද?
දෙමළාට දෙමළ වීම නිසා ඇති ප‍්‍රශ්නය කුමක්දැයි අසන දකුණේ අය නිකමට හෝ තමන්ව එතැනට ආදේශ කරගෙන එ් ගැන සිතන්නට පටන් ගන්නේ කවදාද?

උපුටාගැනීම: .theindependent.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *