උපුටාගැනීම්පුවතකට වැඩි යමක්

කොලේ ඉරාගෙන ඇඟේ හලා ගැනීම

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මිට ආසන්න දින කිහිපයකට ප්‍රථම දැඩි ආවේගයෙන් දේශපාලන වශයෙන් ඔහු ලක් වී තිබෙන පීඩනය පැහැදිලි කරමින් අපුර්ව කතාවක් සිදු කරන ලදී. ” කොලේ ඉරාගෙන ඇඟේ හලා ගෙන නහයෙන් අඩන්න එපා යැයි ජනාධිපති සිරිසේන සදහන් කරයි. එසේම අයුක්තියට දුෂණයට එරෙහි සටන ජනතාව සමග එක්ව ඉදිරියට ගෙන යන්නේ සියලු තනතුරු අත්හැරීමෙන් බවද සදහන් කරයි. වත්මන් ජනපති සිරිසෙන පැවති මහින්ද රාජපක්‍ෂ රෙජීමය ගෙදර යැවීමට සියලු තනතුරු අතහැර පැමිණි බව විටින් විට  පවසන අදහසක් වේ. කෙසේ වුව ජනපති සිරිසේනට වැඩි පුර අයිතිවාසිකම් කියන්නේ එක්සත් ජාතික පක්‍ෂයයි. රනිල් වික්‍රමසිංහ 2015 ජනපතිවරණ  ඡන්ද සටන පුරාවට සදහන් කලේ දේශපාලන පක්‍ෂ දෙක එක්ව අවුරුදු 2ක් රට කලොත් රට ගොගේ ගොඩ බයවය. එයින් අදහස් කලේ මුලික වශයෙන් ආර්ථික සමෘදිය ඇති කිරීම වේ. වික්‍රමසිංහ පෙන්වූ ඒ ඊනියා සිහිනය කෙසේ වුවත් කෘතීම තත්වයකින් බලය ලබා ගත් ක්‍ෂණිකවම ජනතාවගේ ආර්ථික සමෘදිය කෙසේ වුවත් රටේ පරම්පරා දෙක තුනකට වන්දි ගෙවීමට සිදුවන සම්භාවනීය හොරකමකට අවශ්‍ය පරිසරය නිර්මාණය කරගෙන තිබුණි. සැබෑ ලෙසම රනිල් වික්‍රමසිංහ තමන්ගේ පංතිය වෙනුවෙන් ඉටු කල දේ මා නොදානිමි ඒ කෙසේ වුවත් රටේ ජනතාවට වික්‍රමසිංහ ඉතිරි කල හෝ ඉටු කල කෙන්ගෙඩියක් නොමැත. මා දැනුවත් පමණින් විද්‍යාපීඨ සංකල්පය වික්‍රමසිංහගේ අදහසක් වේ. මේ හැර පොදුජනතාවගේ අත්වැල් බැද ග‍ත් හෝ ජනතාව අතර ඉටුකළ සාධනීය වැඩ පිළිවලක් සොයා ගත නොහැක. නමුත් ඉතිහාසය පුරා රනිල් වික්‍රමසිංහ තම පංතිය වෙනුවෙන් පෙනී සිට තිබේ. ඒ නිසාම ඉතා දීර්ග පාර්ලිමේන්තු කතා පුවතක් වික්‍රමසිංහ සතු වේ.

දැන් මෛත්‍රී මහින්ද එළිපිටම සාකච්ඡා කරමින් සිටියි. මෛත්‍රී අනාගතයේ මහින්ද සමග එකතුවීමේ තීරණයක් ගැනීමේ බොහෝ ඉඩකඩ ඇති බව පෙන්නුම් කර තිබේ. මෛත්‍රීගේ දේශපාලන ඉතිහාසයේ සහ අනාගතය යම්තාක් දුරකට ස්පර්ශ කල හැකි නම් හැගී යන්නේ සියයට වැඩිපුර අගයක වටිනාකමක් අරන් තිබෙන්නේ මහින්ද සමග එක් වීම බව හැගේ. මෛත්‍රී බැදුම්කර කොමිසම පත් කලේ ඒ වන විට රටේ තිබු ජනතා පීඩනය නිසාවෙනි. එනම් බැදුම්කර ගනුදෙනුව අමු වංචාවක් බව මේ ගනුදෙනු ගැන අවබෝදයක් නැති කා තුලත් වුවත් ඇතිකර තිබු අවබෝදයකි. පසුකාලීනව එය දේශපාලන තුරුම්පුවක් බවට ස්භාවිකව පත් විය. මිස්ටර් ක්ලින් ලෙස හදුන්වන රනිල් වික්‍රමසිංහද කම්බ හොරකු බවට නොනිල වශයෙන් දැන් ජනගත වී හමාරය. රනිල්ගේ යහපාලන මගඩිය ඔහුගේ දේශපාන පැවැත්ම ටික දිනකට දිග් කර ගැනීමේ කූට සැලසුම සමග ක්‍රියා කලේ ඔහුගේ පංති අවශ්‍යතාවයම බව පැහදිලිය.

බැදුම්කර කොමිසමේ අවසන් ප්‍රතිපලය බලය ඇති තැනත්තාට ඕනෑම තැනකට රැගෙන යා  හැක. අර්ජුන ඇලෝසියස් අර්ජුන මහේන්ද්‍රන් තව ටික දිනකින් මේ රටේ  මුදල් ප්‍රතිපත්තිය සහ  ආර්ථික ක්‍රමය රැක ගත් වීරයන් වීමටද පුළුවන. ඒ තරම් ලංකාවේ සිස්ටම් එක පාදඩ වේ. මේ පිළිබද පුදුම වීමටද අවශ්‍ය නොවේ මන්ද ජනපති මෛත්‍රී පවසන්නේ කොලේ ඉරාගෙන ඇඟේ හලාගන්න එපා යනුවෙනි.

එස් සඳරුවන් 

 

උපුටාගැනීම: SLG

Leave a Reply

Your email address will not be published. Required fields are marked *