අපරාධඋපුටාගැනීම්

එක්සත් ජාතීන්ට විරෝධය පෑමට හමුදා බුද්ධි අංශ දෙමළ වෙස් ගන්වයි

ශ්‍රී ලංකා ආරක්ෂක අමාතංශයේ ගෝඨාභය රාජපක්ෂගේ නියෝගමත ඊයේ(20) දිනයේදී යාපනයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 22 සැසිවාරයට ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනාවට විරෝධය දක්වමින්  සංවිධානය තිබූ අතර උතුරේ විවිධ කාර්යන් වෙත ගෙන ගොස් සිටින සිංහල කම්කරුවන් විශාල පිරිසක් නළල් මත පොටටු තබමින් දෙමළ ජනයා ලෙස වෙස් ගන්වා සිංහ කොඩි අතට දී විරෝධතාවයට එක්ක තිබූ බව යාපනයෙන් වාර්තා වෙයි.

උතුරේ පිහිටා තිබෙන සියලු හමුදා කදවුරු වෙත ශ්‍රී ලංකා ආරක්ෂක අමාතංශය මගින් නියෝග කර ඇත්තේ සෑම කදවුරකටම අනුයුක්තව සේවයේ නියුතු බුද්ධි අංශ සාමාජිකයන් දෙමළ ජනයා ලෙස වෙස් ගන්නා විරෝධතාවය සහභාගී විය යුතු බවයි. මෙම විරෝධතාවය යාපනයේ මුන්නේස්වරම් කෝවිල අසලින් ආරම්භවූ අතර යාපනය නගර මධ්‍යයේ බස්නැවතුම් පළ අසලට පැමිණ විරෝධතාවයේ නිරත වූ අතර පඹයෙකුට ගිනිතබා මාධ්‍ය සංන්දර්ශණයක්ද සිදුකරන ලැබුවේය.

මෙහිදී හමුදා බුද්ධි අංශ පිරිස් මෙම විරෝධතාවය එක්වී සිටි බවට හොදම උදාහරණ වන්නේ විවිධ අවස්ථාවලදී යාපනයේ පැවති දෙමළ ජනයාගේ සහ දෙමළ දේශපාලන පක්ෂ විසින් සංවිධානය කරන ලද විරෝධතයන් කඩාකප්පල් කිරීම උත්සහ කළ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් බොහෝ දෙනෙකු නලල මත පොටුටු තබා සිංහ කොඩි රු​ගෙන යනු දැකගත හැකි වීමයි.

මෙම විරෝධතාවය රාජපක්ෂ රජයේ පාර්ශවකරුවකු වන ඩග්ලස් දේවානන්ද නියෝජනය කරන ඊපීඩීපී සංවිධානයේ සාමාජිකයන් එක්වී ඇත්තේ ඉතාම මදවශයෙන් බවත් ඉදිරියේදී පැවැත්වෙන් මැතිවරණයකදී තමන්ට මෙවැනි ක්‍රියා අවාසි සහගත බව සිතන නිසා ඊපීඩීපි සංවිධානය මෙම විරෝධතාවය මගහැර ඇති බව අප සමග අදහස් දැක්වූ යාපනයේ දේශපාලන විචාරයෙකු පැවසීය.

​කිලිනොච්චිය සහ මුලිතිව් යන ප්‍රදේශයන්ගේ ඉතාම සුළ දෙමළ ජනතාවක් මෙම විරෝධයට සහභාගී වී සිටි අතර ඔවුන්ට හමුදාව විසින් මෙම විරෝධතාවය එක්වෙන ලෙස තර්ජනය කළ බවත් තමන් ජීවිත ගැන බියෙන් හමුදා විසින් සපයා දුන් බස්රථයකින් පැමිණි බවත් මෙම විරෝධතාවයේ ගමන් කළ කිහිපදෙනකුම පැවසූහ.

” 18 වැනිදා ඔවුන් පැමිණ අපට කීවා ජනාධිපතිතුමාට සහයෝග පළකිරීමේ පාගමනක් යාපනයේ පැවැත්වෙනවා එකට සහභාගී වන්න අවශ්‍ය බවත්. යන්න ප්‍රවාහන පහසුකම් , කෑම බීම සියල්ලම සපයනවා කියලත් කීව්වා. නමුත් අප මදක් අදිමදි කලාම ඔවුන් කීවා ජනාධිපතිතුමාගේ වැඩවලට සහභාගී වුනේ නැත්නම් පසුවට හුගක් කරදර ඇති වේවි කියා. ඒ බියටයි අප පැමිණියේ. පැමිණි ගමන් අපේ අතට කොඩියක් ලබා දුන්නේ” යනුවෙන් වන්නි අප සමග අදහස් දැක්වූ මුලතිව් සිට පැමිණ සිටි වැසියෙකු ප්‍රකාශ කළේ.

TN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *