උපුටාගැනීම්වීඩියෝසාමාන්‍ය

මෙහෙම UNPය ගොඩගන්න බැහැ… මුන් UNPය කනවා… මට මතක නැහැ කියනවා… ජෝෂප් මයිකල් රවීගේ මූණටම කියයි

අද (23) ජා-ඇල ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණේ රැස්වීමකදී එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයෙකු මෙන්ම හිටපු අමාත්‍යකුද, ජා-ඇල එජාප සංවිධායකවරයාද වන ජෝෂප් මයිකල් පෙරේරා මහතා සහ එජාප නියෝජ්‍ය නායක රවී කරුණානායක මහතා අතර අද (23) පෙරවරුවේ ගැටුමක් ඇති වී තිබේ.

රවී කරුණානායක මහතා විසින් සංවිධායක කර තිබී ඇති එම රැස්වීම සඳහා ආරාධනා ලැබ පැමිණි ජෝෂප් මයිකල් පෙරේරා මහතාට සභාව ඇමතීම සඳහා අවස්ථාව ලබා දී නැති අතර හිටමු ඇමතිවරයා එය වමිසීමෙන් පසු කතාවක් පැවැත්වීමට වේදිකාවට ගොඩවුවද ඔහු සභාව ඇමතීමට සූදානම් වනවිට ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියා විරහිත කිරීමට සංවිධායකයින් කටයුතු කර ඇත.

“මේකද යූ.එන්.පී එක. මේ ජා-ඇලින් මන්ත්‍රී කෙනෙක් බිහි කෙරුවේ මම. ජා-ඇලින් මන්ත්‍රී කෙනෙක් බිහි කෙරුවේ මම යොවුන් පෙරමුණට. කතා කරන්න මයික් එක දෙන්නේ නැද්ද? කෝ මීඩියා එක. මගේ කටවහලා මේ වැඩ කරන්න හම්බවෙන්නේ නැහැ. මේක හොඳට කතාකරපු කටක්. දාස් ගාණකට කතා කරපු කටක්. මටත් කතා කරන්න අවස්ථාවක් දෙන්න ඕනා. මේ කැඳවලා තියෙන්නේ ආසනේකින් විසි දෙනෙක්. මේ ජා-ඇල ආසනේ බලමණ්ඩලය නෙවෙයි. මම ඒක වෙනම කැඳවන්නම්. ජා-ඇල ජනතාවගේ අයිතියට තියෙන ඉඩම් ටික විකුණපු කෙනෙක් නෙවෙයි. ඒ පරම්පරාවෙ කෙනෙකුත් නෙවෙයි. මම ඉඩම් අරගෙන ගෙවල් හදපු කෙනෙක්. ඒක තමයි මයික් එක වහන්නේ මේවා කියයි කියන බයට.

රවී කරුණානායක මන්ත්‍රී තුමා. දැන් තමුන්නාන්සේ ඇමති නෙවෙයිනෙ මන්ත්‍රීනේ. මේ විදිහනම් සංවිධානය කරන්න යන්න එපා. මම ජා-ඇලින් තමුන්නාන්සෙලාට උගන්වනවා හොඳ පාඩමක්. ඒක මතක තියාගන්න. ඒක වාර්තා කරන්න. මෙහෙමනම් යූ.එන්.පී එක ගොඩ ගන්න හම්බවෙන්නේ නැහැ. යූ.එන්.පී එක තවත් කනවා. මට මක නැහැ කියල කියනවා. ඒ වැඩේ කරන්නද ලෑස්තිවෙන්නේ. මම හැන්දෑවේ මීඩියා එකට ගිහිල්ලා කියනවා මේක. මතක තියාගන්න එක්සත් ජාතික පක්ෂය විනාශ කරනවා මුන්.” යැයි ජෝෂප් මයිකල් පෙරේරා මහතා පවසනවාත් සමගම රවී කරුණානායක මන්ත්‍රීවරයා ඇතුළු පිරිස රැස්වීම් ශාලාවෙන් පිටව ගියහ.

උපුටාගැනීම: LT

රවී කරුණානායක – ජෝෂප් මයිකල් මහපාරේ ගැටෙති…

රවී කරුණානායක – ජෝෂප් මයිකල් මහපාරේ ගැටෙති…

Posted by Lanka Truth on Saturday, September 23, 2017

Leave a Reply

Your email address will not be published. Required fields are marked *