අපරාධ

කුප්‍රකට 83 සිටම සිටම ඝෝටා මිනිස් ඝාතන කළ බවට හමුදා නිලධාරියකුගෙන් හෙළිදරව්වක්.

සින්හලයාට එරෙහි දෙමල තරුණ කණ්ඩායමක් බිහි කිරීමට මුල් වෙමින් ශ්‍රී ලංකා යුධ හමුදා ඉතිහාසයේ අපකීර්තිමත් සිදු වීමක් වන මීට වසර 30 කට ඉහත යාපන අර්ධද්වීපයේදී නිරායුධ අහිංසක සිවිල් වැසියන්ට වෙඩි තබා ඝාතනය කිරීම කලේ එවක පැවති ‘රජරට රයිෆල් බලකායේ’ කපිතාන් වරයෙකු වූ වර්තමාන ආරක්ෂක ලේකම් ගෝඨාභය නන්දසේන රාජපක්ෂ මහතා ද දායක වූ බව යුධ හමුදා නිලධාරියෙකු පවසයි.

වැඩි දුරටත් අප සමඟ අදහස් දැක්වූ මෙම නිලධාරියා :

‘1983 ජූලියේ දී පළමු වරට සිවිල් වැසියන්ව වෙඩි තබා ඝාතනය කලේ රජරට රයිෆල් බලකායයි. එවක කපිතාන්වරයෙකු වූ ගෝඨාභය රාජපක්ෂ ඔහු යටතේ සිටි සෙබළුන්ට මිනී මැරුමට ඉඩ හරිමින් වගකීම පැහැර හැරියා. එවක එජාප ආණ්ඩුව අවසානයේ දී නිලධාරීන් සහ සෙබළුන් කිහිප දෙනෙකු සේවයෙන් පහ කරමින් රජරට රයිෆල් බලකාය විසුරුවා හැරියා. එහෙත් කපිතාන් ගෝඨාභය රාජපක්ෂ දේශපාලන සම්බන්ධතා මත දඬුවම් නොලබා ගැලවුණා.

එතැනින් නොනැවතුණු ඝෝටා තම සහෝදරයා ජනාධිපති වූ පසුව ඇමරිකාවේ සිට මෙහි පැමිණ අවසන් මහ සටන කාලය පුරාම විවිධ ආකාරයේ යුධ අපරාද සිදුකරමින් මහා ජනඝාතනයකට අණදීමේ කාරියෙහි නිරතව සිටියා. විශේෂයෙන්ම පසුගියදා ජිනීවා යෝජනාවලියේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය භාවිතා කිරීමට ඉන්දියාව පොළඹවන ලද්දේ තමිල්නාඩු බලපෑම් බවද තමිල්නාඩුවේ ශ්‍රී ලංකා විරෝධී රැල්ලක් උද්ගත වීමට ආසන්නතම හේතුව හමුදාවට යටත් වූ ප්‍රභාකරන්ගේ බාල පුත්‍රයාගේ ඝාතනය බවත් එම නිලධාරියා පෙන්වා දුන්නේ ය.

‘1983 අහිංසක දෙමළ මිනිසුන් ඝාතනයට ඉඩ දී බලා සිටි කපිතාන් ඝෝටාභය රාජපක්ෂ 2009 වසරේ දී හමුදාවට යටත් වූ ප්‍රභාකරන්ගේ 12 හැවිරිදි බාල පුත්‍රයා ඝාතනය කිරීමට බ්‍රිගේඩියර් කමල් ගුණරත්නට නියෝග කළා. බ්‍රිගේඩියර් කමල් ගුණරත්න 1983 දී ගේඨාභය රාජපක්ෂ යටතේ රජරට රයිෆල් බලකායේ දෙවල ලුතිනන් වරයෙක් ලෙස සේවය කළා. අතීතයේ ඒ මිනීමරු අත් දැකීම් නිසා තමයි 2009 දී ගෝඨාභය රාජපක්ෂ බ්‍රිගේඩියර් කමල් ගුණරත්නවම යටත් වූ කොටි සාමාජිකයන් ඝාතනයට යොදා ගන්නේ.’ එම නිලධාරියා පෙන්වා දුන්නේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *